සුරදූතිය නොහොත් ආදරයේ උල්පත

Posted: March 22, 2013 in හිතට දැනෙන දේ
Tags: ,

baby

චූටි බබෙක් දවසක්දා අහනවා දෙවියන්ගෙන් මෙන්න මෙහෙම,

“එයාලා කියනවා හෙට මාව මනුස්ස ලෝකෙට යවනවලු. මං මෙච්චර පොඩියට ඉඳගෙන, අසරණව කොහොමද එහේ ජීවත් වෙන්නේ?”

“ඔයා බයවෙන්නෙපා. ඔයාගේ සුරදූතිය ඔයා වෙනුවෙන් එහේ බලාගෙන ඉන්නේ. එයා ඔයාව ආරක්ෂා කරයි.”

චූටි එකාට තවත් ප්‍රශ්නයක්, ” ඒ උණාට මට කියන්නකෝ, මෙහේ මට කිසිම දෙයක් කරන්න නෑ සිංදු කිය කිය, හිනාවෙවී සතුටින් ඉන්නවා අරෙන්න. එහේ?”

දෙවියන් වහන්සේ හිනාවෙලා කියනවා, “ඔයාගේ සුරදූතිය එහේ ඔයා වෙනුවෙන් සිංදු කියයි. ඔයා වෙනුවෙන් හිනාවෙයි. ඒ වගේම ඔයාට එයාගේ ආදරය දැනෙනකොට ඔයා ගොඩාක් සතුටු වේවි!”

චූටි එකා ආයෙම අහනවා, ” මම කොහොමද එයාලා ඒ ලෝකේ කතා කරන දේවල් තේරුම් ගන්නේ? මට එහේ කතාකරන භාෂාව දන්නේ නෑනේ!”

“ඔයාගේ සුරදූතිය ඒ ලෝකේ තියෙන ලස්සනම, මිහිරිම වචන ඔයාට කියලා දේවි. ඒ වගේම එයා ඔයාට ඉවසීමෙන්, කරුණාවෙන් උගන්නයි කොහොමද එහෙදි කතා කරන්නේ කියලත්.”

“එතකොට මට දෙවියන්ට කතා කරන්න ඕනේ උනොත් මං මොකද කරන්නේ?”

දෙවියෝ සන්සුන්ව උත්තර දෙනවා, ” ඔයාගේ සුරදූතිය ඔයාගේ ඔය චූටි අත් දෙක එකට එකතු කරලා දෙවියන්ට, බුදු හාමුදුරුවන්ට කතා කරන්නේ කොහොමද කියලා ඔයාට කියලා දේවි.”

“කවුද මාව එතකොට එහේදි ආරක්ෂා කරන්නේ?”

“ඔයාගේ සුරදූතිය එහෙදි ඔයාව පරිස්සමෙන් රැකබලාගනියි. එයා ඔයා වෙනුවෙන් පණ උනත් දේවි!” දෙවියෝ ආයෙම උත්තර දුන්නා.

“ඒ උණාට මම එහේ හැමදාම දුකෙන් ඉඳීවි මොකද මට ඔබවහන්සේව දකින්න ලැබෙන්නේ නෑනේ?”

“ඔයාගේ සුරදූතිය ඔයා එක්ක නිතරම මං ගැන කතාකරයි. ඒ වගේම එයා ඔයාට කියලා දෙයි කොහොමද ආයෙම සැරයක් මාව බලන්න සුර ලෝකෙට එන්නේ කියලත්.”

ඒ වෙලාවෙම දිව්‍යලෝකය පුරා ගැඹුරු නිහඩතාවක් ඇති උනා, නිහඩතාව අස්සෙන් ඇහුනේ මනුස්ස ලෝකේ ඉඳලා ඇහුන විවිධ විවිධ කටහඬවල් කිහිපයක් එක්ක කළබලෙන් ආයෙම ප්‍රශ්නයක් අහන චූටි එකාගේ ලපටි හඬ,

“දෙවියනි, මම දැන් යන්න ඕනේනේ? මට ඉක්මණට කියන්න මං වෙනුවෙන් එහේ බලාගෙන ඉන්න සුරදූතියගේ නම මොකක්ද කියලා?”

කරුණාබර හිනාවක් එක්ක දෙවියන් වහන්සේ චූටි එකාට උත්තර දෙනවා,

“ඔයාට පුළුවන් පුංචි පුතේ, එයාට කතාකරන්න අම්මා කියලා!”

ATT00002

මගේ අම්මටත්, අම්මා කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න මගේ නිමාටත්, විද්‍යුත් පණිවුඩයක් දිගේ මේ වියමනේ ඉංග්‍රීසි පිටපත් මට එව්ව අම්මටත්, අනෙකුත් හැම අම්මා කෙනෙක්ටමත් මේ ලියමන උපහාරයක්ම වේවා.

Advertisements
Comments
  1. Janaka says:

    very nice..

  2. කිරි සප්පයා @ අ.පේ says:

    අම්ම කෙනෙක් වෙන්න බලන් ඉන්න ඩොටීටත්.. තාත්තෙක් වෙන්න ඉන්න ගලයාටත උණුසුම් සුභ පැතුම් !!!

  3. අඩේ මම දැංනෙ බං දන්නෙ උඹ බ්ලොගක් ලියනව කියල

    • Sansajran says:

      මේක මම විනෝදෙට තියන් ඉන්නේ. මගේ මහගෙදර තමයි අන්තිම පේලිය. පළමුව එතැන. දෙවනුව තමා මෙතැන.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s